From නාගරික සංවර්ධනය

‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“ “තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය…

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන…

නගර සංවර්ධනය හා මූලධර්මවාදය

නගර සංවර්ධනය හා මූලධර්මවාදය වික්ටර් අයිවන් කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්චාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය. ඉතිරිය සඳහා බලන්න රාවය

“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ “නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි. ජේන් ජේකබ්ස් ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ පොදුවේ නගර සංවර්ධනය…

යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ. මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන…

පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම

සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම! – පුරවැසියා විසිනි ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට…

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි

පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි. “ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ)  මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු…

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන…