From නාට්‍ය කලාව

මනමේ පරිණත වීම

මයිකල් ප්‍රනාන්දු මෙම ලිපිය සකස් කරන ලද්දේ මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔහුගේ ද අනුමැතිය ඇතිවය. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ වරක් ප්‍රකාශ කළ පරිදි හොඳ චිත්‍රයක් ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙයි. එයට හේතුව එම චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පසුබිම මෙන්ම ඔවුන්ගේ ආකල්ප ද ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍ර වීමයි. ලෝකයේ හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍යයද ඔවුන් ජීවත් වූ අවධියේම නොයෙක් වෙනස්කම් වලට පාත්‍ර වී වෙනස් වී ඇත. නාට්‍යයේ රඟපාන නළු නිළියන් චරිතයන්ට සපයන අර්ථ කථන මෙන්ම ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද නාට්‍යකරුවෝ සිය නාට්‍යවල සමහර වෙනස්කම් කරති. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන…

ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk හි සාරා මොන්ටගියු – සම්මුඛ සාකච්ඡාව

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් වන ස්ටීවන් බර්කොෆ් (1937-) එංගලන්තයට සංක්‍රමණය වූ රුසියානු යුදෙව් ජාතික යුවළකගෙන් පැවත එන්නෙක් වන අතර ඔහු දැනට ලන්ඩන්වල පදිංචි වී සිටී. හැක්නිවල පාසල් කටයුතුවලින් පසුව, කලක් ඔහු භෝජනාගාරයක සේවකයෙකු වශයෙන් ද වෙළඳ සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු ලන්ඩන්වල නළුවකු වශයෙන් පුහුණු වූ අතර පැරීසියේ…

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙනත් කලාවක් වගේ ම වාණිජ බැමිවලින් හසු වී ඇති මේ කාලයේ මම මේ දේශනයෙන් දැක් වූ ලක්ෂණ නොවෙනස් ව පවතිනවා යැයි කියන්න අමාරු යි. මක්නිසාද කියතොත් මුදල් ඉපැයීම ප‍්‍රධාන අංශ වුණු විට තමා ගේ නිර්මාණය ඉතා නාඹුල් රුචිකත්වයෙන් යුත් පේ‍්‍රක්ෂකයා ජනයා පිනවීම සඳහා නාට්‍ය නිර්මාණය කරන්ට, නාට්‍ය සාදන්ට පෙළඹීම පුදුමයක් නොවෙයි. මෙයින් පේ‍්‍රක්ෂකයන්ට ගැඹුරු වින්දනයක් ජීවිතයේ අනිත්‍යතාව, දුක ගැන සිත තුළට කාවැද්දවීමක් සිදු නොවේ. ජීවිතය පිළිබඳ සත්‍යය අමතක කොට සැහැල්ලූ විනෝදයක් දීම පමණක් සිදු වේ. ඒ විනෝදයේත් නොයෙක් වර්ග විද්‍යමාන වෙනවා. බුද්ධියෙන් ලබන විනෝදයත් අංග විකාරයෙන් ලබන විනෝදයත් යන මේ දෙවර්ගය.…

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය…

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි”

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි” මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා. සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද.…

කාලීන

‍හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ PDF මාදිලියෙන් කියවන්න Get PDF file here නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි. ‍මාලක දේවප්‍රිය “අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න…