From පශ්චාත් නූතනවාදය

Featured

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද? කැමිල පා(ග්)ලියා

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි. 1990 ගණන්වල Sexual Personae…

කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට…

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස

ආචාර්ය නලීන් සවාරිස් පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා. ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස ආචාර්ය නලීන් ස්වාරිස් මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක්…

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම

ආචාර්ය නලීන් සවාරිස් භාෂාව – සංඥාව සියල්ලම වැළඳ ගන්නා නිසා, ඩෙරීඩාගේ විසංකරණය භාෂාවටත් සාහිත්‍යටත් සීමා වෙන්නේ නැහැ. හැම දෙයක්ම text එකක් (වියමනක්), ප්‍රතිමාවක්, ඡායාරූපයක්, චිත්‍රපටියක්, නාට්‍යයක්, “ටෙක්ස්ට් එකක්” හැටියට හැදෑරුව හැකියි. දේවල් මතු කරනා අතර – ඒවාට අවධානය යොමු කරන අතර දේවල් ආවරණය වෙනව. එතෙන කර්තෘ object (විෂය වස්තුව) කරපු දේවල් පෙනෙනව. මැජික් කරන්නෙත් මෙහෙමයි. ඒ නිසා වියමන (text) කියවනකොට බලන්න ඕනෙ “වියමනෙන්” කියවන මතුපිට තියෙන අර්ථය පමණක් නොවෙයි – මෙතන “යටවෙන වියමන”, “ගිලුනු වියමන” කුමක්ද? මෙතන යම් දෙයක් මාතෘකාව කරගෙන එය එය විෂය වස්තුව (objectify) බවට පත් කරනා කර්තෘ කවුද? එවිට කර්තෘකයා (subject) වෙන – යටවෙන විෂය වස්තුව කවුද?…

“මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්…………….. දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා. අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති……… අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති කුමුදු කුසුම් කුමාර විසින් සංවිධානය කරන ලද සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?

“ මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?“ අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු…