From බුදුසමය

Featured

බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර

“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු…

අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.” ‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201) “සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන්…

යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය- ©දිමුතු සමන් වෙත්තසිංහ “බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට…

වල්පොල ශ‍්‍රී රාහුල හිමි: පරමාදර්ශී භික්ෂුව පිළිබඳ ගවේෂණයක්

වල්පොල ශ‍්‍රී රාහුල හිමි: පරමාදර්ශී භික්ෂුව පිළිබඳ ගවේෂණයක් මහාචාර්ය අසංග තිලකරත්න, පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය හැඳින්වීම සෑම ථෙරවාදී භික්ෂුවක්ම ථෙරවාදී සංඝ පරම්පරාවේ නියෝජිතයෙකි. මේ අර්ථයෙන් සියලූම භික්ෂූන් වහන්සේ එක හා සමානය, සමහරු ඒ අතර කැපී පෙනෙති. මීට වර්ෂ දහ හතකට පෙර 1997 දී අපවත් වී වදාළ වල්පොල ශ‍්‍රී රාහුල මහා ස්ථවිරපාදයන් වහන්සේ එබඳු උතුමෙකි. උන් වහන්සේ විවිධ පැතිවලින් කැපී පෙනෙන අතර සංඝ සවිධානය තුළ දිගු කල් පවත්නා ලකුණක් තැබූහ. පසුගිය සතවර්ෂයේ ශ‍්‍රී ලංකා භික්ෂු සාසනයේ ගමන් මඟ හා ඊට අනුරූපව එහි ඓතිහාසික සන්තති හා විසන්තති පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා රාහුල හිමිපාණන්ගේ චරිතය හා ශාස්ත‍්‍රීය සේවාව ගැඹුරින්…

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – අවසන් කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස –   අවසන් කොටස “බෞද්ධ වීම යනු ස්වයංසිද්ධ අනන්‍යතාවක් වූයේ බෞද්ධ නොවූ දඩයම්කාර වැද්දන්ගෙන් බෞද්ධ වූ සිංහලයන් වෙන් කරන මූලභූත [structural ව්‍යුහාත්මක] ප්‍රතිවිරුද්ධතාව පදනම් කරගෙනය. අද වැද්දන් [as small dispossessed groups labeled as “aborigines” “ආදිවාසීන්“ ලෙස ලේබල් ඇලවූ බැහැර කළ ] ඉතා කුඩා පිරිසක් බවට පත්ව සිටිතත් මගේ තර්කය නම් ඓතිහාසික සාධක අනුව බස්නාහිර, සබරගමුව, ඌව හා උඩරට පළාත්වල විශාල ප්‍රදේශයක පැතිරී සිටි වැද්දන් 15 වන සියවසෙන් පසු එම පෙදෙස්හි බෞද්ධ රාජධානි පහළ වීම හා සමඟ කෘෂිකර්ම‍ය භාවිතා කර ගනිමින් සිංහල – බෞද්ධභාවයට පත් වූවා…

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ හයවැනි කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ -හයවැනි කොටස දමිළ හින්දු අනන්‍යතාවය විඝනීභූතකරණය – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස දමිළයන් පිළිබඳ මේ තත්ත්ව නිරූපණය සැම විට ම එක ස්වරූපයෙන් පැවතුණා යැයි කිව නොහැකි වුවත් ඇතැම් නිරූපණයන් යටත් විජිත යුගයට පෙර කාලයේ දී නිරතුරුවම එක සේ පැවතුන බව පෙනේ. දමිළයෝ වනාහි පරාජය කළ යුතු සතුරෝය යනු වැනි ඇතැම් නිරූපණයන් දකුණු ඉන්දීය ආක්‍රමණ අවධීන්හි දී ඉස්මතු වන්නටඇත . එහෙත් අනෙක් අවධි වලදී විවාහය හා ඥාතී සම්බන්ධතා වඩා වැදගත් වන්නට ඇ[ත]. [must surely have been important ඇති බව නිසැකය.] මේ විවිධාකාර ප්‍රතිනිරූපණයන් නිසා දමිළයන් “අන්‍යයන්” ලෙස නොපෙණුනාය not seen කියා…