අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
'kathika' social, cultural and political review
From සංගීතය
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.
සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…
මහනුවර යුගය වන විට ප්‍රාසාංගික කලාවන් දියුණුයි – නදීක ගුරුගේ
අමරදේව හා සිංහල දේශීය සංගීතය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි අමරදේවගේ සේවය තක්සේරු කිරීමට පසුබිමක් වශයෙන් මෑත යුගයක අපේ සංගීතය විකාශනය වූ සැටි මඳක් සැලකීම ප්‍රයෝජනවත් යයි හඟිමි. ඈත යුගවල සිංහල සංගීතය යන්න කෙබන්දක් වී දැයි නිශ්චය කිරීම අපහසු ය. පත පොතෙන් අපට ලබාගත හැකි අල්ප වූ සාක්ෂි අනුව නිගමනය කළ හැක්කේ එය භාරතීය සංගීතයට නොවෙනස් වූ බවය. එහෙත් “දේශීය” සංගීතය යයි…
කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර
නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට…