මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: පොතකින් පිටුවක් – ෆීඩෝ ඉදිරිපත් කිරීම මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි බී බී සී සන්දේශය වැඩ සටහනේ ‘පොතකින් පිටුවක්’ වැඩ සටහනට ඥානසිරි කොත්තිගොඩ කළ සම්පාදනය chamille zue අන්තර්ජාලයට කළ එකතුවෙන් උපුටා ගන්නා ලදී.
'kathika' social, cultural and political review
From සංගීතය
බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්-ලියනගේ අමරකීර්ති
හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ රෙජීමය කළ එක් පරඳිනගතිශීලී දෙයක් නම් මේ මධ්යතම පාන්තික කලාකාර රොත්තගේ අවස්ථාවාදය හොඳින් පෙනෙන්නට සැලැස්වීමය. අබා සිට සිද්ධාර්ථ දක්වා සිනමාවත් මහරජාණෙනි ධාරාවේ ගීතත්, මහාසමයම වැනි නාට්යියත් කරන්නට තැත් කරන්නේ රෙජීමයේ දෘෂ්ටිමය දාසකම් මිස අනිකක් නොවේ. ප‍්‍රධාන ධාරාවේ සියලූම සංවාද ජැක්සන් ඇන්තනී රණවිරු ස්ටාර් වැනි වැඩසටහනකට ඇවිත් ඇඟමස සලිත කරවා කියන කියන හිස් අලංකාරික වැනිය. ඒ කියමන් රටටම ඇසෙන්නට කිව්වද ඒවායේ නියම ඉලක්ක ශ‍්‍රාවක පිරිස යනු එක් පුද්ගලයෙකු හා…
බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය, සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින් – චමත්කා දේවසිරි
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. “බටහිර සංගීතය යනු න්‍යායික පදනමක් මත ගොඩනැගුණ සූක්ෂ්ම කලාවකි. එය අපරදිග සභ්‍යත්වයේ කිසිසේත් අමතක කළ නොහැකි විශිෂ්ට අංගයකි.” – සත්‍යජිත් අන්ද්‍රාදි බටහිර සම්භාව්‍ය සංගීතයට අප බොහෝ දෙන ඇලුම් කළ ද ඉහත උද්ධෘතයෙන් ඇඟවෙන එහි න්‍යායික ගොඩනැංම පිළිබඳව සිංහලෙන් ලියැවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. සංගීතය සම්බන්ධ සාහිත්‍යයේ මෙම අඩුව පිරීමට සත්‍යජිත්…
ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? අනිල් මිහිරිපැන්න
ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි…
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”
“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා” “මම මීට වසර ගණනාවකට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.” සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි. “සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය.…
ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන්
අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කලස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු. ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන් එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්,…