From සුචරිත ගම්ලත්

ගම්ලත්ට පසු ගම්ලත්? – දිමුතු සමන් වෙත්තසිංහ

ගම්ලත්ට පසු ගම්ලත්? හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක් දිමුතු සමන් වෙත්තසිංහ පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි.

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

දෙවියන් හැර ගිය දෙවොලක සිට කැත්ලීන් ජයවරර්ධන සෝවියට්‌ පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි. (මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්) රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට්‌ ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක්‌ තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල…

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

වදනිසුරු ගම්ලත්හු මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක්‌ ඔහු…

කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම

කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම සහෘද විසිනි සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ…

සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?

සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද? දිමුතු සමන් වෙත්තසිංහ එවකට නව යොවුන් වියේදී සිංහලෙන් පමණක් කියවීමට හැකිවූ අප තරණය කරමින් සිටි විශාලම මහද්වීපය මාර්ටින් වික්‍රමසිංහ වූ කලෙක ගම්ලතුන්ගේ මාක්ස්වාදී විචාරය හමුවීමෙන් අප තුළ ඇති කලේ තිගැස්මකි.බුද්ධිමය උද්දීපනයකි, ආශ්වාදයකි. වික්‍රමසිංහගේ බෞද්ධ මානව වාදී දෘෂ්ටිය කෙරෙහි වූ ඔහුගේ නිර්දය මාක්ස්වාදී විචාරය වික්‍රමසිංහයන්ට ඇළුම් කළ අප කෙරේ ඇති කලේ බුද්ධි ශෝධනීය ආනුභාවයකි.වරක් ගුවන් විදුලි සංවාදයකදී ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් නිර්මල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ දෘඩ ප්‍රහාරයකට ලක්කළ විට එහි සිටි “සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය” යනුවෙන් මාක්ස්වාදී කලා විචාරය ගැන පොතක් පවා ලියු සයිමන් නවගත්තේගම ට කරගත හැකි වූයේ තමාට ආවේණික මෘදු යටහත් ස්වරයෙන්…

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ” සුචරිත ගම්ලත් “ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස් ………………….. යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්‌. ………………… වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක්‌ නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්‌. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්‌. ………………… වර්තමාන නව…