“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය” සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි…
'kathika' social, cultural and political review
From හනා ආරන්ඩ්ට්
” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව
” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට…
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට්
සංස්කෘතියේ අර්බුදය: එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම -හනා ආරන්ඩ්ට් අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි. සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ…