ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය “ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස් උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.“ යැයි අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ප්‍රවෘත්ති නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ 1970 දශකයේ සිට විවිධ රජයන් හා දේශපාලන පක්‍ෂ මෙන්ම අන්තවාදී ආයුධ හරඹවල යෙදුණු කණ්‌ඩායම් ද තමන්ගේ…