කුමකට ද අත්කම්? කමලාදේවී වට්ටෝපාද්‍යායී කමලාදේවී වට්ටෝපාද්‍යායී විසිවැනි සියවස් ඉන්දියාවේ මහා කාන්තා චරිතයකි. 1903 දී මැංගලෝරයේ දී උපත ලත් ඇය, අතිශයින්ම විවිධාකාරවූ ද, විශිෂ්ටවූ ද ජීවිතයකට පසුව, 1988 දී මුම්බායිවල දී මිය ගියා ය. අංශ ගණනාවකින්ම විශිෂ්ටත්වයට පත්වීම ඇගේ සූවිශේෂී ලක්ෂණයකි. ඉන්දියානු නිදහස් අරගලයේ මුල් පෙලේ නායිකාවක්වීම, ඒ සම්බන්ධයෙන් තුන් වරක්ම හිරබත් කෑම, ගාන්ධිතුමාගේත් නේරුතුමාගේත් සමීපතමයකියක් වීම, නාට්‍ය හා කලා ශිල්ප සේවනයේ දී අග්‍රගන්‍ය මතධාරිනියක වීම, සමස්ත භාරත දේශයේම අත්කම් පිළිබඳ නූතන කතිකාවක් ගොඩනැගීමේ කිරුල හිමිකර ගැනීම, නව දිල්ලියේ තිබෙන අපූරු මහා ඉන්දියානු අත්කම් කෞතුකාගාරයේ නිර්මාර්තෘවරියකවීම, උසස්ම ගණයේ ගත්කතුවරියක්වීම, නිදහස් හා නූතන ඉන්දියාවේ පෙරමුණේම සිටින බුද්ධිමතියකවීම ඇගේ ජයග්‍රහණ අතර වේ.…