Tagged අනන්‍යතාව

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – අවසන් කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස –   අවසන් කොටස “බෞද්ධ වීම යනු ස්වයංසිද්ධ අනන්‍යතාවක් වූයේ බෞද්ධ නොවූ දඩයම්කාර වැද්දන්ගෙන් බෞද්ධ වූ සිංහලයන් වෙන් කරන මූලභූත [structural ව්‍යුහාත්මක] ප්‍රතිවිරුද්ධතාව පදනම් කරගෙනය. අද වැද්දන් [as small dispossessed groups labeled as “aborigines” “ආදිවාසීන්“ ලෙස ලේබල් ඇලවූ බැහැර කළ ] ඉතා කුඩා පිරිසක් බවට පත්ව සිටිතත් මගේ තර්කය නම් ඓතිහාසික සාධක අනුව බස්නාහිර, සබරගමුව, ඌව හා උඩරට පළාත්වල විශාල ප්‍රදේශයක පැතිරී සිටි වැද්දන් 15 වන සියවසෙන් පසු එම පෙදෙස්හි බෞද්ධ රාජධානි පහළ වීම හා සමඟ කෘෂිකර්ම‍ය භාවිතා කර ගනිමින් සිංහල – බෞද්ධභාවයට පත් වූවා…

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ හයවැනි කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ -හයවැනි කොටස දමිළ හින්දු අනන්‍යතාවය විඝනීභූතකරණය – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස දමිළයන් පිළිබඳ මේ තත්ත්ව නිරූපණය සැම විට ම එක ස්වරූපයෙන් පැවතුණා යැයි කිව නොහැකි වුවත් ඇතැම් නිරූපණයන් යටත් විජිත යුගයට පෙර කාලයේ දී නිරතුරුවම එක සේ පැවතුන බව පෙනේ. දමිළයෝ වනාහි පරාජය කළ යුතු සතුරෝය යනු වැනි ඇතැම් නිරූපණයන් දකුණු ඉන්දීය ආක්‍රමණ අවධීන්හි දී ඉස්මතු වන්නටඇත . එහෙත් අනෙක් අවධි වලදී විවාහය හා ඥාතී සම්බන්ධතා වඩා වැදගත් වන්නට ඇ[ත]. [must surely have been important ඇති බව නිසැකය.] මේ විවිධාකාර ප්‍රතිනිරූපණයන් නිසා දමිළයන් “අන්‍යයන්” ලෙස නොපෙණුනාය not seen කියා…

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ පස්වැනි කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස –   පස්වැනි කොටස ඉතිහාසය පුනරුත්ථාපනය හා සංස්කෘතික අනන්‍යතාවෙහි අවිනිශ්චිතතාව ස්වයංසිද්ධ අනන්‍යතාව දෙවිදියකට, එනම් සමාජයක් තුළ සිටින්නන්ට මූලභූත වූ ලෙසටත්, බැහැරින් සිටින්නන්ට (විග්‍රහ කරන්නාට මෙන්) සංස්කෘතිකමය වශයෙන් නිර්මාණය කරන ලද්දක් ලෙසටත්, පෙනෙන නිසා මෙම කාරණය ඉතිහාස ප්‍රකරණය තුළ යළිත් බහා බැලීම සුදුසු ය. අප ඉහත උපුටා දැක්වූ රිචඩ් හෙල්ගර්සන් ගේ ජාතිකත්වයේ ස්වරූප (Forms of Nationhood) කෘතියෙහි විස්තර කර ඇති පරිදි එංගලන්තයේ ප්‍රාදුර්භූත වෙමින් පැවැති ජාතිකත්ව හැඟීමට ආධාරක වෙමින් එයට සාහිත්‍යමය ප්‍රකාශනයක් පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී කවියන්, ඉතිහාසඥයන්, නාට්‍යකරුවන්, දාර්ශනිකයන්, සංචාරක ග්‍රන්ථ රචකයන් හා ආගමික ග්‍රන්ථ…

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර (සිවුවැනි කොටස) : ස්වයංසිද්ධ අනන්‍යතාවන් (Axiomatic identities) නිර්මාණය

එසේ ස්වයංසිද්ධ අනන්‍යතාවය යථාර්ථයක් වූ හෙයින් බෞද්ධ ඉතිහාසයේ විටින් විට දකුණු ඉන්දියාවෙන් පැමිණියවුන්, ඔවුන්ගේ දෙවිවරුන්, යාතුකර්ම, භාෂාව හා පාඨ ග්‍රන්‍ථ බෞද්ධභාවයට පත් කර ගැනීමක් හෙවත් සාසනකරණයක් [“naturalization” “ජාති ප්‍රවේශනය” ] කරගනු [a continual අඛණ්ඩව] දැක්ක හැකිය. දිගු කාලීන ඉතිහාස දෘෂ්ටියෙන් බැලූ කල බොහෝ සිංහලයෝ මෙසේ ස්වභාවීකරණය වූ දකුණු ඉන්දීය සංක්‍රමණිකයෝ වෙත්. මේ සාසනකරණය සිංහල බහුතරය වෙසෙන පෙදෙස්වල පහසු වූයේ සංක්‍රමණිකයන් ඊට ප්‍රතිරෝධයක් නොපෑ බැවිනි. ඒ ආකාරයෙන්ම යාපනේ අර්ධද්වීපයෙහි අඩුම තරමින් 15 වන සියවසට පසු කේරළ හා දමිළ ජනයා විසින් ආධිපත්‍ය දරන ලද හෙයින් එහි කලින් සිටි සිංහල භාෂකයන් අරභයා ද සිදු කෙරෙන්නට ඇත. “සිංහල බෞද්ධ” නම් සංස්කෘතික අනන්‍යතාව යනු විවිධාකාර…

අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas…

නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම

අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත්…