Tagged අමර්ත්යා සෙන්

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.