Tagged අර්ථකථනවේදය

Featured

විද්‍යාවට එරෙහිව දර්ශනවාදය- හාන්ස් ජෝර්ජ් ගැඩමර්

පරිවර්තනය-දිමුතු සමන් වෙත්තසිංහ “අපගේ ශිෂ්ටාචාරයේ කර්තව්‍යයන් හා ගැටලූ මත විද්‍යාව සම්පූර්ණ ස්වාමීත්වය දැරීමේ පරමාදර්ශය, එක් පැත්තකින් පාලනය කළ හැකි, ඉගෙනිය හැකි සහ ආරෝපණය කළ හැකි විද්‍යාත්මක ඥාන ක්ෂේත‍්‍රයක ස්වාමියා වශයෙන් ද, අනෙක් පැත්තෙන් සමාජය තුළ තමාගේම සමාජිකත්වය පිළිබඳ කරුණට සම්බන්ධව ද, විශේෂඥයාගේ භූමිකාව හා කෘත්‍යය අතර පවතින විසඳාලිය නොහැකි ප‍්‍රතිවිරෝධය සඟවන බව අයෙකු සඳහන් කිරීමට…

“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද? ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය…