හනා ආරන්ඩ්ට් ගේ Crisis in Culture ලිපියෙන් උද්ධෘතයක්අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ…
'kathika' social, cultural and political review
Tagged අවරසිකයා
මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර
“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…
‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු. මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය…