Tagged අවුන් සාන් සූ චී

අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!!

අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!! බුරුමයේ නැතහොත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ලීගයේ නායිකා නෝබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ චී (Aung San Suu Kyi) අවුරුදු 20 ක් පුරා ඇය ගත කළ නිවාස අඩස්සියෙන් නිදහස්ව එරට පාර්ලිමේන්තු මැතිවරණයකට සහභාගී වී ජය ලබා සිටින්නීය. 1990 දී ඇගේ පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය තුවක්කුවේ බලයෙන් පාගා දමමින් හමුදා කුමන්ත්‍රණයකින් බලය පැහැර ගෙන අවුරුදු 20 ක් පුරා බුරුම ජනතාව ඒකාධිපති පාලනයට යටත් කොට ගෙන සිටි එරට මිලිටරි ජුන්ටාවට අවුන් සාන් සූ චී ගේ අප්‍රතිහත අධිෂ්ඨානය සහ ලොව ප්‍රජාතන්ත්‍රහිතකාමී ජනතාවන්ගේ විරෝධය මැද යළිත් ප්‍රජාතන්ත්‍රවාදයට එරට විවෘත කරන්නට සිදුවීම අපේ යුගයේ…