Tagged අෂිස් නන්දි

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

ගාන්ධි පසුපස ගාන්ධි

ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…