ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම – නිර්මාල් රංජිත් දේවසිරි බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති…