Tagged ආර්ථික අර්බුදය

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අයවැය සහ මහා ආර්ථික විනාශය

අහිලන් කදිර්ගාමර් විසිනි  ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර,  ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි.  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද  2023  අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන  දේ  සහ අතපසු කරන  දේ පිළිබඳ ප්‍රවේශමෙන්…

Featured

කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!

ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…

Featured

කම්පන  ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය

මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව,  වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

Featured

ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම  සහ සංක්‍රාන්ති අභියෝග

දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ  අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය. අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන මෙසේ ලියයි. ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි කියන ජන බලයේ දැවැන්ත දර්ශනය මුළු ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් සපයයි. එවැනි ඇදහිය නොහැකි…

Featured

ඇයි  ලංකා විදුලිබල මණ්ඩලය?

අහිලන් කදිර්ගාමර් විසිනි  සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්,  ඇයි දැන්?  එමෙන්ම,  වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල  මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන  තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…

Featured

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…