“එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.” ආචාර්ය අමරදාස වීරසිංහ ප්‍රමුඛ ස්වාධින බුද්ධිමතෙකි. 1953 දී…
'kathika' social, cultural and political review
Tagged ආරිය රාජකරුණා
මනමේ පරිණත වීම
මයිකල් ප්‍රනාන්දු මෙම ලිපිය සකස් කරන ලද්දේ මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔහුගේ ද අනුමැතිය ඇතිවය. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ වරක් ප්‍රකාශ කළ පරිදි හොඳ චිත්‍රයක් ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙයි. එයට හේතුව එම චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පසුබිම මෙන්ම ඔවුන්ගේ ආකල්ප ද ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍ර වීමයි. ලෝකයේ හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍යයද ඔවුන් ජීවත් වූ අවධියේම නොයෙක් වෙනස්කම් වලට පාත්‍ර වී වෙනස් වී ඇත. නාට්‍යයේ රඟපාන නළු නිළියන් චරිතයන්ට සපයන අර්ථ කථන මෙන්ම ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද නාට්‍යකරුවෝ සිය නාට්‍යවල සමහර වෙනස්කම් කරති. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන…
අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි
‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’ මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල “සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි” යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි. මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉතා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර…