බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…
Tagged ඇත්ත
ඇත්තෙන් ”ඉදිරිය”ට
කතුවැකිය මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු. ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත්…