Tagged ඇන්ටිගනි

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි”

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි” මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා. සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද.…