Tagged ඇන්. ඇම්

විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු…

ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල් – චමීර පෙරේරා

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ…

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

චමීර පෙරේරා, මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප. ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද? විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි: ‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින්…