Tagged ඇමරිකීය විප්ලවය

Featured

වෙනසට බිය; මහ වෙනසට මහා බිය.

මම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන කාරණය නම් ‘විප්ලව තේ සාද නොවේ’ වන නමුදු, ඒවා අවසාන විසඳුම ලෙස කෙරෙන ක්‍රියා බව ය. ඒවා සිදු වන්නේ කුණු වූ සමාජවල ප්‍රතිසංස්කරණ සඳහා දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ විට ය. 19 වැනි සියවසේ අග භාගයේ ප්‍රංශයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියාවේ විප්ලව වලින් ඒ බව වඩාත් පැහැදිලි විය. කුඩා තිතක් බඳු මෙම දිවයිනට 21 වැනි සියවසේ පළමු භාගයේදී  මහා දේවල් සාධනය කරගත නොහැකි වීමට හේතුවක් නැත. ඒවා අසාර්ථක වන්නේ පවතින තත්ත්වයට සමාජයේ වඩාත්ම බලවත් පුද්ගලයන් වඩා කැමති වූ විට ය. ඔවුන්ට එරෙහිව ජනතාව සතු බලවත්ම මෙවලම සමඟ නැගී සිටිය යුතුය: ඒ තමන්ම ය.