Tagged ඇරිස්ටෝටල්

විශේෂ

දර්ශනවාදය හා දේශපාලනය – හනා ආරන්ඩ්ට් (ප්‍රපංචවේදීමය න්‍යාය ගැන්වීමක්)

“සොක‍්‍රටීස් දැක්වීමට උත්සාහ කළ කරුණ වූයේ  අන් අය සමග එකට ජීවත් වීම ඇරඹෙනුයේ තමන් සමග ම එකට ජීවත් වීමෙන් බව ය. සොක‍්‍රටීස්ගේ ඉගැන්වීමෙන් අදහස් කෙරුණේ, අන් අය සමග ජීවත් වීමට සුදුසු වන්නේ තමන් සමග ම එකට ජීවත් වන්නේ කෙසේදැයි දන්නා තැනැත්තා පමණක් බව ය. මට ඉවත් විය නො හැකි, මට හැර ගිය නො හැකි, මා…

විශේෂ

විද්‍යාවට එරෙහිව දර්ශනවාදය- හාන්ස් ජෝර්ජ් ගැඩමර්

පරිවර්තනය-දිමුතු සමන් වෙත්තසිංහ “අපගේ ශිෂ්ටාචාරයේ කර්තව්‍යයන් හා ගැටලූ මත විද්‍යාව සම්පූර්ණ ස්වාමීත්වය දැරීමේ පරමාදර්ශය, එක් පැත්තකින් පාලනය කළ හැකි, ඉගෙනිය හැකි සහ ආරෝපණය කළ හැකි විද්‍යාත්මක ඥාන ක්ෂේත‍්‍රයක ස්වාමියා වශයෙන් ද, අනෙක් පැත්තෙන් සමාජය තුළ තමාගේම සමාජිකත්වය පිළිබඳ කරුණට සම්බන්ධව ද, විශේෂඥයාගේ භූමිකාව හා කෘත්‍යය අතර පවතින විසඳාලිය නොහැකි ප‍්‍රතිවිරෝධය සඟවන බව අයෙකු සඳහන් කිරීමට…

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර (මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර ය.) 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම…

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය…

සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම…

‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන…