Tagged ඇරිස්ටෝටල්

“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස…

“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්

“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක් “පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස…