නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය- එච්. ජී. දයාසිසිර ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ මිළ- රුපියල් 525.00 මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී.…
'kathika' social, cultural and political review
Tagged ඉතිහාසය
විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…
රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි
රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි ලක්මාලි හේමචන්ද්‍ර සිතිවිලි මඟින් භාෂාව අපවිත‍්‍ර කළ හැකි නම් භාෂාව මඟින් සිතිවිලි අපවිත‍්‍ර කිරීමටද හැකි වේ. ජෝර්ජ් ඕර්වෙල්, 1984 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි ඒකරාශි කිරීමකට සහභාගි වීමේ බරපතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත. ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයෝ සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරති, නීති විරෝධි ලෙස හැසිරෙන ශිෂ්‍යයන්ව පාලනය කිරීම ගැන රජයට ප‍්‍රශංසා කරති. මහජනතාවගේ මුදල් නාස්ති කිරීම සහ ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කිරීම ගැන ඔහුට බැණ වදිති. සංජීවගේ කාර්යය අධ්‍යයනය කිරීම විනා…