Tagged උදේනි ජයවීර

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය උදේනි ජයවීර සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය. සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය –…