සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක් “ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’…