Tagged උස්වත්තෙ ආරච්චි

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…