පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස කුමුදු කුසුම් කුමාර අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද? එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්රජාතන්ත්රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද? මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි. 1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක…
'kathika' social, cultural and political review
Tagged එක්සත් ජාතික පක්ෂය
ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය
ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය කුමුදු කුසුම් කුමාර රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලත් ශූරීන් පිළිබඳ ලියූ ලිපිය (රාවය, 2013 අප්‍රේල් 14) සාකච්ඡාව සඳහා වැදගත් කරුණු ගණනාවක් මතුකරයි. ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමෙහි ලා භාෂාවට හිමිවන ප්‍රමුඛත්වය පිළිබඳ අදහස මෙහි ලා ප්‍රධාන ය. රනිල් වික්‍රමසිංහ ගම්ලතුන්ගේ දායකත්වය අගය කරන්නේ ඔහු සිංහල භාෂා පුනර්ජීවනයට උර දුන් මුල් විද්වතුන් ගේ පරපුරේ විප්ලවීය යුග පුරුෂයෙකු ලෙසිනි. යටත් විජිත සමයේ මෙරට ඇරඹුණු සිංහල හා දෙමළ භාෂා පුනර්ජීවන ව්‍යාපාර යටත් විජිත විරෝධයේ ආරම්භය සටහන් කළ බෞද්ධ සහ හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල දිගුවකි. අප ජාතියක් වශයෙන් නැඟී සිටීමේදී සහ සිංහල භාෂාව පෝෂණයේදී ඉංග්‍රීසි භාෂාව දේශීය භාෂාවක් වශයෙන් උගැන්මේ ඇති වැදගත්කම…