ජනාධිපතිවරණ සටනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛතම කරුණ ත් එම කඳවුරේ අවසාන ප්‍රචාරක තුරුම්පුවත් වන්නේ ජාතික ආරක්ෂාව යි. මෛත්‍රීපාල සිරිසේන ට බලය දුන හොත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මගින් විදෙස්ගත එල්ටීටීඊ කණ්ඩායම් වල සහායෙන් ලංකාව දෙකට බෙදා රට අස්ථාවර කෙරෙනු ඇතැයි මොවුහු කියති. මේ පිළිබඳ මාධ්‍ය විවාද වලදී මහින්ද කඳවුරේ ප්‍රධාන කථිකයා බවට පත්ව සිටියේ ආචාර්ය දයාන් ජයතිලක ය. මෛත්‍රීපාල බලයට පත් කළ හොත් රට බෙදනු ඇතැයි කියන විචාරකයන්ට දයාන් ජයතිලක ගෙන් කරුණු උපුටා දක්වමින් පිළිතුරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඇමරිකාව මුල් වන විදේශ බලපෑමක් ලංකාවට එල්ල වීමට ප්‍රධාන හේතුවක් ලෙස දයාන් ජයතිලක පෙන්වා දී ඇත්තේ ලංකාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්…
'kathika' social, cultural and political review
Tagged එල්ටීටීඊය
ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද? – කුමුදු කුසුම් කුමාර
රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි වනු ඇතැයි දැඩි විශ්වාසයට මැදහත් බොහෝ දෙනා ස්වාධීනව එළඹ සිටිති. පසුගිය සමයේ රෙජීමයට එළිපිට සහයෝගය දුන් බොහෝ දෙනා මේ අතර වෙති. ඔවුන්ගෙන් සමහරු රෙජීමයට සහයෝගය පළනොකොට නිශ්ශබ්ද වීමෙන් රෙජීමය පරාජය කිරීමට අනියමින් කැමැත්ත දක්වා සිටිති. මේ ජනරැල්ල දැක රජය සහ අනුගාමිකයන් කුපිත වී වියරුවෙන් ක්‍රියා කරන්නට පටන් ගෙන ඇත. රජයේ මැරයන් දේශපාලනයේ යෙදෙන ජනයාට පහර දෙද්දී, වේදිකා ගිනි තබද්දී, වෙඩි තියද්දී පොලීසිය එක්කෝ මඟහැර යති, නැතහොත් නීතිය හකුලා…
රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම
රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම දයාපාල තිරාණගම දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී. 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව…