Tagged කතරගම දෙවි

අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas…