Tagged කථා කලාව

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය…