ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද? තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ…
'kathika' social, cultural and political review
Tagged කුමුදු ගේ තීරුව
ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි
ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ජූලි 04 වැඩ වර්ජනය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී, එයට විසඳුම් සෙවීමට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උනන්දුවක් නොදක්වන බව වටහාගත් බව පෙන්නුම් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට යොමුකළේ ඔවුන් ගේ ඉල්ලීම්වලට ‘දෙගොල්ලම දිනුම්‘ විසඳුමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි. අද වනවිට වැඩ වර්ජනය පටන් ගෙන මාස තුනක් ඉක්ම ගොස් ඇති නමුදු ඊට විසඳුමක් දීමට ජනාධිපති දුන් පොරොන්දුව ඉටු වී නැතිවා පමණක් නොව රජයේ සමස්ත යාන්ත්‍රණයම ආචාර්ය සමිති වැඩ වර්ජනය මර්ධනය කිරීම සඳහා යොමුකොට තිබීම මුළු…
රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය
රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට දැන් දින 80 කි. ඔවුනගේ ඉල්ලීම් වලට සාධනීය විසඳුමක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති රජය දැන් එය මර්ධනය කිරීමට සූදානම් වෙමින් සිටින බව පෙනෙයි. රජයට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය මර්ධනය කිරීම විනාඩි දහයකින් කළ හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කොට තිබීමෙන් පෙනී යන්නේ එබඳු මර්ධනයක් පිළිබඳ රජය සළකා බලමින් සිටින බවයි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නීත්‍යානුකූල වැඩ වර්ජනය මර්ධනය කිරීමට රජය පැත්තෙන් කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බුද්ධි තොරතුරුවලට අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාමකාමී වැඩ වර්ජනය…
රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘
රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘ කුමුදු කුසුම් කුමාර විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම ට රජය කටයුතු කොට ඇත. තමන් ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටලු මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් බේරුම්කරණ ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. එම විරෝධය තිබියදීත් රජය එම ක්‍රියාමාර්ගයේම ඉදිරියට යන්නේ නම් මී ළඟ පියවර වන්නේ රජයේ කැමැත්තට නියෝජිතයෙකු පත් කොට අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලියට පිවිසීමයි. එවිට වර්ජනය නවත්වා සේවයට වාර්තා කිරීමට වර්ජකයන්ට සිදුවන අතර බේරුම්කරු නියම කරන කාලයකට යලි වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම ඔවුනට තහනම් වෙයි. එපමණක් නොව බේරුම්කරුගේ තීන්දුව එලෙසින්ම පිළිගැනීමටද ඔවුනට සිදුවෙයි. අනිවාර්ය බේරුම්කරණය බේරුම්කරණ…
මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර
සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව: මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද? – කුමුදු කුසුම් කුමාර ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර…
‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි
‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…