Tagged කෘෂිකර්මය

අපි කන වස ආරිය සුබසිංහ

අපි කන වස ආරිය සුබසිංහ සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි. එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ. මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා…