Tagged කේ. ඩබ්ලිව්. ජනරංජන

රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන

රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන මීළඟ ජනාධිපතිවරණයකදී පොදු වැඩපිළිවෙලක් යටතේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්කොට පුළුල් සහායක් ලබාගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයැ’යි ඉදිරිපත්ව ඇති පුරවැසි ඉල්ලීම නොනැවතී ඉදිරියට යයි. ආණ්ඩු පක්‍ෂය, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා, තවමත් ඉන්නේ විධායක ජනාධිපතිධුරය මේ අයුරින්ම තවදුරටත් පවත්වාගත යුතුය යන ස්ථාවරයේය. නැතිනම්, දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවා 18වැනි සංශෝධනයක් නීතිගත කරගන්නේ නැත. අනෙක් අතට විධායක ජනාධිපතිධුරයේ අවුරුදු 9ක රස බැලූ ඔහු දැන් ඒ සියල්ල අත්හැර දැමීමට තරම් උපේක්‍ෂාසහගත වී ඇතැ’යි හිතන්නට කිසිම සාධාරණ හේතුවක්ද නැත. යම් හෙයකින් පිටතින් පැමිණෙන බලවත් පීඩනයක් හමුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීමට ඔහු හිත හදාගත්තත් ඒ මීළඟ ජනාධිපතිවරණයේදී නොවේ. තමන්ට බලය නැතිවනු ඇතැ’යි…