“නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක…