ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන් විසිනි දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ ලෙස සැලකිය නොහැකිය. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයෝ අබිරහස් ලෙස අතුරුදන් වූහ. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ…
'kathika' social, cultural and political review
Tagged ගෝඨාභය රාජපක්ෂ
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස – නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි. මගේ අදහස වන්නේ මේ…
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. – නිර්මාල් රංජිත් දේවසිරි පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි. ‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ‘ගෝඨාගේ යුද්ධය’ ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව ‘ගෝඨාගේ ලංකාව’ (අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ…
රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි
රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි කුමුදු කුසුම් කුමාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි…
කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි
‘අපට සුරංගනා කථා කියන්න එපා!‘ කුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයින් පිරිසක් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූහ. එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස් පහත දැක්වේ. වීඩියෝව පහත බලන්න.
ගෝඨාභය මුහුණපාන අභියෝග
ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. “යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි.