Tagged චම්පික රණවක

අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර

නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ…

මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම්…. – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ…

මෛත්‍රී තම ප්‍රතිරූපය විනාශ කරගනීද? – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ “ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ “අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හේතුව…