දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය – නිර්මාල් රංජිත් දේවසිරි නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති…
'kathika' social, cultural and political review
Tagged ජනවාර්ගික සබඳතා
විපක්ෂය හොර ගල් අහුලද්දී සිංහලෙන් උතුර ගිලින ආණ්ඩුව
උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත. ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය…
උතුරේ ධීවර කර්මාන්තයත් සිංහල ධීවරයින්ට දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්
උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන…
උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්
උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ…
සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි
2010 ජනාධිපතිවරණය පිළිබඳ පසුවදනක්: වාර්ගික සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? – සංකජය නානායක්කාර විසිනි මෙම මැතිවරණයේ දී දෙමළ සහ මුස්ලිම් ජනතාව ආණ්ඩුව තුළ සිටින තම ප්‍රජාවන්ගේ නියෝජිතයන් පුස්සන් බවට පත් කළෝය. මෙමගින් ඔවුන් කර ඇත්තේ ආන්ඩුව තුළ වූ තමන්ගේ කේවල් කිරීමේ බලය දිය කර හැරීමය. ඔවුන් ජනාධිපතිවරයා සිංහල අන්තවාදීන් ගේ ප්‍රාන ඇපකරුවකු බවට පත් කර ඇත. දෙමළ ඇතුලු වාර්ගික සුලුතරයන් හට තෝරා ගැනීම සදහා මාවත් දෙකක් ඇත. බෙදුම්වාදය එක් මාවතකි. මෙම මාවතේ තවදුරටත් ගමන් කළහොත් නුදුරු අනාගතයේ දී ලංකාවේ දෙමළ ජාතියක නෂ්ඨාවශේෂ පවා සොයා ගැනීමට අපහසු වේ. ටොරොන්ටෝවේ, ලංඩනයේ සහ පැරිසියේ දෙවැනි කැලෑසියේ පුරවැසියන් ලෙස ජීවත්වීම පමණි ඔවුන්…
ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර
ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය.