අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
'kathika' social, cultural and political review
Tagged ජනවාර්ගික
දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම සමාව අයැදීමක් නැති කලෙක…… මහාචාර්ය රංජිනී ඔබේසේකර
පරිවර්තනය කතිකා අධ්‍යයන කවය 2018 පෙබරවාරි 3 දින දී අයිලන්ඩ් පුවත්පතේ පලවූ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මාතෘකාවට අදාළ කොටස්වල මූලික අර්ථය විකෘති නෙකාරන පරිද්දෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ දළ අනුවර්ථනයකි මේ. මෙය කියවා ඔබේ නිගමන වලට එළඹෙන්න. මුල් ලිපියට සබැඳිය පහත දැක්වෙයි. කලාකරුවන් පිරිසක් පසුගිය වසර 70 ක දේශපාලන පක්ෂ පිළිබඳ ඇගයීමක් කරන…
අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර
උත්කෘෂ්ඨම දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය. – ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss ‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ…
සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර
නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස) පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)
1 පරිච්ඡේදය – හැඳින්වීම 2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම). 1.1 ක්‍රියාවලිය කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ…
යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- ©දිමුතු සමන් වෙත්තසිංහ “බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට…