ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි…