ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…
'kathika' social, cultural and political review
Tagged ජාතික චින්තනය
ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය
කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක…
නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය
2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…
පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය
‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි. ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක් – කතිකා අධ්‍යයන කවය 2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos)…
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ – නිර්මාල් රංජිත් දේවසිරි ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම…
ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම
ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම – නිර්මාල් රංජිත් දේවසිරි 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ…