Tagged තාක්ෂණය

“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද? ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය…

නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස

අප පහත පළ කරන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ දෙවැනි කොටසයි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය…