Tagged තිස්ස විතාරණ

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

චමීර පෙරේරා, මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප. ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද? විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි: ‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින්…