ජනාධිපතිවරණ සටනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛතම කරුණ ත් එම කඳවුරේ අවසාන ප්රචාරක තුරුම්පුවත් වන්නේ ජාතික ආරක්ෂාව යි. මෛත්‍රීපාල සිරිසේන ට බලය දුන හොත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මගින් විදෙස්ගත එල්ටීටීඊ කණ්ඩායම් වල සහායෙන් ලංකාව දෙකට බෙදා රට අස්ථාවර කෙරෙනු ඇතැයි මොවුහු කියති. මේ පිළිබඳ මාධ්‍ය විවාද වලදී මහින්ද කඳවුරේ ප්‍රධාන කථිකයා බවට පත්ව සිටියේ ආචාර්ය දයාන් ජයතිලක ය. මෛත්‍රීපාල බලයට පත් කළ හොත් රට බෙදනු ඇතැයි කියන විචාරකයන්ට දයාන් ජයතිලක ගෙන් කරුණු උපුටා දක්වමින් පිළිතුරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඇමරිකාව මුල් වන විදේශ බලපෑමක් ලංකාවට එල්ල වීමට ප්‍රධාන හේතුවක් ලෙස දයාන් ජයතිලක පෙන්වා දී ඇත්තේ ලංකාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්…
'kathika' social, cultural and political review
Tagged දයාන් ජයතිලක
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව
දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…