Tagged දේශපාලනය

යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය – වෝල්ට(ර්) බෙන්ජමින් (පරිවර්තනය සුචරිත ගම්ලත්)- අවසාන කොටස

“ෆැසිස්ට්වාදය දේපොළ ආරක්ෂා කරන අතර මහජනතාවන්ට ප්‍රකාශනයක් ලබා දීමට තැත් කරයි. ෆැසිස්ට්වාදයේ තර්කානුකූල ප්‍රතිඵලය නම් දේශපාලන ජීවිතය තුළට සෞන්දර්යය ගෙන ඒම යි. තම වීරාභිවාදනයත් සමඟ ෆැසිස්ට්වාදය විසින් දණ ගස්වනු ලබන මහජනතාවන්ට කෙරෙන බලාත්කාරයේ සමකය දක්නට ලැබෙන්නේ තේවාකර්මාත්මක අගයන් නිපදවීම සඳහා මිරිකනු ලබන උපකරණයෙහි ය. දේශපාලන සෞන්දර්යමය කිරීමේ සියලු ප්‍රයත්න එක් දෙයක් තුළ මුඳුන්පත් වෙයි: එනම් යුද්ධය යි. සාම්ප්‍රදායික දේපොළ පද්ධතිය එලෙසම රඳවාගනු ලබන අතර මහජන ව්‍යාපාරයන්ට මහා පරිමාණයෙන් අරමුණක් ඉදිරිපත් කළ හැක්කේ යුද්ධයට ම පමණක් ය. [මේ මෙසේ වන්නේ සමාජවාදී ව්‍යාපාරය මැඩ පැවැත්වී ඇති විට ය.] මේ තත්වයට දේශපාලන සූත්‍රය මෙය යි. මේ තත්වයට තාක්ෂණික සූත්‍රය මෙසේ ඉදිරිපත් කළ හැකි…

විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය

බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ…

ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම

බදාදා සටහන ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – පළමු කොටස අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය. “ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි. බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ…

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය – නිර්මාල් රංජිත් දේවසිරි නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති…

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම – නිර්මාල් රංජිත් දේවසිරි බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති…

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

‘ ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ ජනාධිපති වෙත සන්දේශයක් – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ශ‍්‍රී ලංකාව සිය ආකර්ෂණීය සමාජ දර්ශක පිළිබඳ නිදහස ලැබූ දා සිටම ලබන ගෞරවය හා අගයකිරීම් ලැබුණේ මූලික ආයතන දෙකක් ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම නිසාය. ඒ මූලික ආයතන දෙක වූකලි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන සේවයයි. මේ අංශ දෙක නිසා කිසිම කෙනෙකුට වෙනස්කම් කිරීමක් නොමැතිව මූලික අයිතිවාසිකම් දෙකක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල්, තමන්ගේ ධනවත්බව කෙසේ වෙතත්, මේ නිදහස් සෞඛය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටියි. ඒ නිසා අප ලබා ඇති…