“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත්…
'kathika' social, cultural and political review
Tagged දේශපාලන
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක් 2016 සැප්තැම්බර් 13 ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි…
යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- ©දිමුතු සමන් වෙත්තසිංහ “බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට…
සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි
මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම් 1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන්…