රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි කුමුදු කුසුම් කුමාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි…