අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය. ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි. ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020…
'kathika' social, cultural and political review
Tagged ධනවාදී සංවර්ධනය
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර
අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක් තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක් දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…